ගොසිප්

පවතින ඇඳිරි නීතිය අප්‍රේල් දක්වා

(UTV | කොළඹ) – මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නීතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුන කොරෝනා ආසාදනය වීමේ අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් රජය විසින් ඉකුත් 24 වැනිදා පස්වරු 2.00 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය පනවනු ලැබීය.

කොළඹ කොටුවේ පිහිටි රතු පල්ලියේ ඉකුත්දා පැවැති දේව මෙහෙයකට සභභාගී වූ පියකුට හා පුතකුට කොරෝනා වසංගතය ආදානය වූ බවට තහවුරු වීමෙන් පසුව, දේව මෙහෙයට සහභාගී වූ සෙසු පිරිස මේ වන විට නිරෝධනය සදහා යොමු කර ඇති අතර , එම පිරිසේ නිරෝධානය ලබන 03 වැනිදා අවසන් වීමට නියමිතව ඇති බැවින් එතෙක් මෙම ඇදිරි නිතීය ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

Related posts

මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

Leave a Comment