දේශීය

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

(UTV | කෝවිඩ් -19) – මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ හේතුවෙන් සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙම යුධ හමුදා නිලධාරියාගේ බිරිඳද නාවික හමුදා නිළධාරිනියක වන අතර ඇය සේවය කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ බව සඳහන්.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

Mohamed Dilsad

Leave a Comment