දේශීය

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

(UTV | කොළඹ) – නිරෝධායන කටයුතු අවසන් වූ පුද්ගලයින් 217 දෙනෙකු ද අද (06) සිය නිවෙස් වෙත යාමට නියමිතව ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (05) දිනය වන විට නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් වෙත ගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3169 දෙනෙකු වන බව යුධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත්, යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේ මේ වන විට නිරෝධායනයට ලක්ව නිවෙස්වලට ගොස් සිටින සහ නිවෙස්වලදී නිරෝධායනයට ලක්වූ පිරිස්වලට තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටයි.

Related posts

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ඇසිඞ් ප්‍රහාරයකින් පුද්ගලයින් 08 ක් රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment