දේශීය

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

(UTV |කොළඹ ) – ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරන අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවට භාර ගැනේ.

මේ වන විට ඔහු භාර ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

ඒ අනුව අනුර බණ්ඩාර හේරත් මහතා දින 21 ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරෙනු ඇති.

ඉන්ධන සපයා ගැනීමට මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) අනුමැතිය ලබා දී තිබේ.

අද දිනයේ රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා ඇත.

Related posts

අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ගුවන්යානයක ගිනි ගැනීමක්

Editor O

දේශබන්දුට එරෙහි පැමිණිල්ලට පනවා ඇති තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment