දේශීය

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

(UTV | කෝවිඩ් -19) – මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ හේතුවෙන් සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙම යුධ හමුදා නිලධාරියාගේ බිරිඳද නාවික හමුදා නිළධාරිනියක වන අතර ඇය සේවය කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ බව සඳහන්.

Related posts

සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

Mohamed Dilsad

රට පුරා මහ වැසි : ජලාශ රැසක් වාන් දමයි

Editor O

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment