දේශීය

ගංජා අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොස්ලන්ද ) – තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශවලදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා කිලෝ 49 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීමේ දී උස්සැල්ල ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු  සතුව තිබී ගංජා කිලෝ 7 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ,
ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව කුඩාවැව ප්‍රදේශයේදී අනික් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශණ සඳහා ගංජා තොගය සමග කොස්ලන්ද පොලිසියට භාරදී තිබේ.

Related posts

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

Mohamed Dilsad

අයහපත් කාළගුණයෙන් 130,000 ක් දැඩි පීඩාවට

Mohamed Dilsad

රජයේ ම්‍රද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රහාරයක්

Editor O

Leave a Comment