දේශීය

වවුනියාවේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට පියවර

(UTV | වවුනියාව) – අද (22) සිට වවුනියාවේ ක්‍රියාත්මක රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා සැලුන් සියල්ලම වසා දමන ලෙස පළාතේ සෞඛ්‍ය බලධාරීන් දැණුම් දී තිබේ.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ කොරෝනා වෛරස් රෝගය මේ ස්ථාන හරහා පැතිර යාමට ඇති ඉඩකඩ වැඩි බැවින් රෝගය පැතිර යාම වැළැක්වීමේ පියවරක් වශයෙන් මේ තිරණය ගෙන ඇති බවයි.

තවද ගම්මට්ටමින් නිවෙස් වෙත යමින් එම කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසත් මෙම ආයතන වල සිටින පිරිස එකම ඇදුම් හා එකම උපකරණ භාවිත කිරීම වැළැක්විය නොහැකි නිසා සේවය ලබා ගන්නා අයට කොරෝනා රෝගය බෝවීමේ වැඩි අවධානමක් ඇති බවත්  වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

Mohamed Dilsad

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

Mohamed Dilsad

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

Leave a Comment