දේශීය

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

 

ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 

 

Related posts

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

Mohamed Dilsad

‘බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා’

Mohamed Dilsad

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment