දේශීය

ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ගැන සාගලගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් රට බංකොලොත් වන තුරු බලා සිටින බවය.

 

තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් කොළඹ දී සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

 

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තියක් කරගත නොහැකි බව ද ඔහු පෙන්වාදෙයි.

 

මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බව සාගල රත්නායක මහතා පවසයි.

 

 

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

Mohamed Dilsad

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට මාරුවක්

Mohamed Dilsad

Leave a Comment