දේශීය

අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

 

අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ කාන්තාවක් බව පොලීසිය පවසයි.

 

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Related posts

‘යතුරුපැදි සවාරිය කොන්දේසි කඩලා’ – පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මාලිමාවේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායක රිමාන්ඩ්

Editor O

දයාසිරිගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment