දේශීය

‘යතුරුපැදි සවාරිය කොන්දේසි කඩලා’ – පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – පුද්ගලික යතුරු පැදි සමාජයක් විසින් සංවිධාන කරන ලද යතුරුපැදි සවාරියකට පොලිස් ආරක්ෂාව දීම හා එල්ල වූ මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාල යතුරුපැදි සමාජය විසින් මහරගම අපේක්ෂා රෝහල හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනකට සමගාවීම යතුරුපැදි සවාරියක් පැවැත්විමට පොලිසියෙන් අවසර ඉල්ලා තිබු බවයි.

මීරිගම සිට කල්පිටිය හරහාත් ඉන් පසු අනුරාධපුරය දක්වාත් ගමන් කිරීමට ඔවුන් අවසරය ඉල්ලා තිබුනා. ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් වීම හා සමාජ සේවා කාර්යයක් බැවින් නීත්‍යානුකුළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන රජයේ ගාස්තු අයකිරීමෙන් පසු ඒ සදහා කොන්දේසි සහිතව අවසර දුන් බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබද මහජනයාගෙන් එල්ල වු විරෝධය හා කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්විමට නියමිතව තිබු යතුරුපැදි සවාරිය නතර කළ බවද අදාල නිවේදනයේ සදහන්.

අදාල යතුරුපැදිකරුවන් නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය අවධාරණය කළේ.

Related posts

පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති කඩන්නන්ට පොලිසියෙන් දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

Mohamed Dilsad

Leave a Comment