දේශීය

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත.

මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා  0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) දුරකථන අංක සම්බන්ධ විය හැකි අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැක.

ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ මෑතක සිට ඇති වුවහොත්, එනම් ගිලීමේ අපහසුතාවයක්, එක දිගට පවතින වමනය, ආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්, ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්, වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්, වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධය, එක දිගට පවතින උදරයේ වේදනාවක්, ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්, උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්, පියයුරේ ගැටිත්තක්, බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිති, කකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගත හැක.

Related posts

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

ඉසුරුපාය සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන

Mohamed Dilsad

Leave a Comment