දේශීය

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2022 වසර වන විට ශක්තිමත් පුනර්ජීවනයක් ලබනු ඇති බව එම කර්මාන්ත නියෝජිතයන් විශ්වාසය පළ කරනවා.

ඒ අනුව 2022 මාර්තා මාසය වන විට ඩොලර් මිලියන 500 ක පමණ ආදායමක් ලබෙනු ඇති බවත් මායකට සංචාරකයින් 50,000 ක් පැමිණෙනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන්නන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් සමඟ පැමිණෙන්නේ නම් මෙරටදී PCR පරීක්ෂණයකට භාජනය නොවී සමාජගත වීමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව ඔත්තෝබර් මාසයේ සිට ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරකයන්ගේ වැඩි උනන්දුවක් දක්වන කාලයක් වන අතර එම කාලය තුළදී සංචාරක කර්මාන්තයේ හොඳ වර්ධනයක් සිදු වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Related posts

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment