දේශීය

ඉසුරුපාය සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන

(UTV | කොළඹ) – බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පහරදීමකින් මෙම පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.

Related posts

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment