දේශීය

කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (20) සිට කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව බව සඳහන්.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට පමණක් එමගින් ප්‍රවාහන සේවා සලසා ගත හැකි අතර මීට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව උපදෙස් සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුළ දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට හෝ පිටවීමට ජනතාවට අවස්ථාව හිමි නොවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 2,000ක්

Editor O

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් රක්ෂණ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට

Editor O

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment