දේශීය

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) –   නැවත දැනුම් දෙනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවා තාවකාලිකව අත්හිටුවා ඇත.  

විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්- 19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුලු බාහිර පුද්ගලයන් සඳහා වසා තැබෙනු ඇති.

නැවත දැනුම් දෙනතුරු මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් දැනුම් දී සිටී.

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

මහින්ද දේශප්‍රිය සහ යුද හමුදාපති අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

Mohamed Dilsad

ඉදිරි කාලයේ සංචරණය සීමා දැඩි කරන්න

Mohamed Dilsad

Leave a Comment