දේශීය

මහින්ද දේශප්‍රිය සහ යුද හමුදාපති අතර අද සාකච්ඡාවක්

(UTV| කොවිඩ් 19) –  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා යුද හමුදාපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් සහභාගි වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ලබන ජුනි මස 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළ අතර මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, ඉදිරි මහ මැතිවරණය හා වත්මන් කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

 

Related posts

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

ඉන්ධන හිඟයෙන් කොළඹ කුණු එකතු කිරීම නවතී

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

Mohamed Dilsad

Leave a Comment