දේශීය

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

(UTV | කොළඹ) – ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කරයි.

එනමුත් තැපැල් බෙදීම් අද ආරම්භ නොවන අතර රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තුරු තැපැල් භාණ්ඩ බෙදා හැරීම් ප්‍රමාද විය හැකි බව සඳහන්.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගුවන් ගමන් සහ නෞකා ගමනාගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් විදේශ තැපැල් භාණ්ඩ නැවත දැනුම් දෙන තුරු තැපැල් කාර්යාල කවුලු මගින් භාර ගැනීමක් සිදු නොවන බවයි.

 

Related posts

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

මැතිවරණයට සම්බන්ධ බාධාකිරීම් 20ක්

Mohamed Dilsad

Leave a Comment