දේශීය

විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද දිවයිනට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්වවිද්‍යාල වල සිරවී සිටි සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අද දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.

මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1208 විශේෂ ගුවන් යානය අද කරච්චි ගුවන්තොටුපොල බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සිසුන් සියලු දෙනා දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරයි.

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

පාසල් යළි විවෘත කිරීම පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment