දේශීය

කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (20) සිට කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව බව සඳහන්.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට පමණක් එමගින් ප්‍රවාහන සේවා සලසා ගත හැකි අතර මීට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව උපදෙස් සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුළ දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට හෝ පිටවීමට ජනතාවට අවස්ථාව හිමි නොවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

තොරතුරු දෙන්න එපා..! | ආණ්ඩුවේ බලපෑම් හේතුවෙන් තොරතුරු කොමිෂමේ ලොක්කෙක් ඉල්ලා අස්වෙලා…! – කීර්ති තෙන්නකෝන්

Editor O

උසස් පෙළ සැප්තැම්බර් මුල ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment