දේශීය

ජල හා විදුලි දෝෂවලට විසදුම් ලබාදීමට විශේෂ සේවාවක්

(UTV | කොළඹ) – ඇඳිරි නීති කාලය තුළ ජල හා විදුලි පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමට සියළු දිස්ත්‍රික්ක සඳහා විශේෂ සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.

මීට පෙර බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම සේවාව අද (18) සිට සියළු දිස්ත්‍රික්කවල ජල හා විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජල කාර්මිකයෙකුගේ සේවය සඳහා 1939 දුරකථන අංකයත්, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි කාර්මිකයෙකුගේ සේවය සඳහා 1987 දුරකථන අංකයත්, ලෙකෝ විදුලි කාර්මිකයෙකුගේ සේවය සඳහා 1910 දුරකථන අංකයත් ඇමතිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

Mohamed Dilsad

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment