දේශීය

ජල හා විදුලි දෝෂවලට විසදුම් ලබාදීමට විශේෂ සේවාවක්

(UTV | කොළඹ) – ඇඳිරි නීති කාලය තුළ ජල හා විදුලි පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමට සියළු දිස්ත්‍රික්ක සඳහා විශේෂ සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.

මීට පෙර බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම සේවාව අද (18) සිට සියළු දිස්ත්‍රික්කවල ජල හා විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජල කාර්මිකයෙකුගේ සේවය සඳහා 1939 දුරකථන අංකයත්, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි කාර්මිකයෙකුගේ සේවය සඳහා 1987 දුරකථන අංකයත්, ලෙකෝ විදුලි කාර්මිකයෙකුගේ සේවය සඳහා 1910 දුරකථන අංකයත් ඇමතිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

Mohamed Dilsad

ජාතික ඉන්ධන අවසර පත්‍රයට නව විශේෂාංගයක්

Mohamed Dilsad

Leave a Comment