දේශීය

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

(UTV | කොළඹ) – කොවිඩ් එන්නත ලබාගත්ත ද සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. 

එම එන්නත් ලබා දෙන්නේ රෝගය නිසා මරණයට පත්වීම වැළක්වීම,අසාධ්‍ය තත්ත්වයක් ඇතිවීම වැළක්වීම සහ පැතිරීම අඩු කිරීම යන අරමුණු නිසා බව ද අමාත්‍යවරිය අවධාරණය කරයි.

කොළඹදී මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළාය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රෝගය පැතිරීම වළක්වන්නේ 67% කින් පමණක් බව ද ඇය මෙහිදී කියා සිටියාය.

මේ වන විට අප රට ව්‍යසන තත්ත්වයක සිටින බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රෝගීන් 31616 ක් තෙවන වසංගත තත්ත්වය යටතේ වාර්තා වන බවද ඇය මෙම මාධ්‍ය හමුවේදී සඳහන්කර සිටියාය.

“ඇත්තටම අපි ව්‍යසන තත්ත්වයක ඉන්නේ.රෝගීන් වැඩිව එනවා .ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. වැඩියෙන්ම මිය යන්නේ වයස් ගත අය.ගෙදරට විෂබිජ ගෙනෙන්න එපා.වැඩිහිටි අය මියයාම වළක්වා ගත හැකියි එමගින්.තවමත් වයස්ගත අයට තමයි අවධානම තිබෙන්නේ.”යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටී.

 

 

 

 

 

 

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

මිද්දෙණියේ කන්ටේනර්වල තිබූ රසායන ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණවල නවතම තත්ත්වය

Editor O

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment