දේශීය

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර ඇති බව එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. 

නමුත් හදිසි ශල්‍ය කර්මයන් සිදු කෙරෙන බව ද ඒ මහතා අවධාරණය කරයි.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ද ඔහු පැවසී ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් පැමිණිය ද ඔවුන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවයි.

Related posts

අද පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පොන්නි සම්බා සහල් ආනයනයට අවසර දෙමින් ගැසට් නිවේදනයක්

Editor O

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment