දේශීය

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර ඇති බව එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. 

නමුත් හදිසි ශල්‍ය කර්මයන් සිදු කෙරෙන බව ද ඒ මහතා අවධාරණය කරයි.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ද ඔහු පැවසී ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් පැමිණිය ද ඔවුන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවයි.

Related posts

ගිං සහ නිල්වලා ගැන තවමත් අවධානමේ

Mohamed Dilsad

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

දුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)

Editor O

Leave a Comment