දේශීය

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – ලබන 30 වැනිදා දක්වා මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ලොව සෙසු රටවල් පැන වූ ගුවන් ගමන් සීමා මෙතෙක් ඉවත් නොකිරීම ඊට හේතුවයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

මීට අමතරව අවශ්‍යතාව මත විශේෂ ගුවන් ගමන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර පවතින ගැටලු දැනුම් දීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

011 7 771 979 යන අංකය ඇමතීමෙන් අදාළ ගැටලු දැනුම් දිය හැකිය.

Related posts

ගංජා හේන මාමගේ නෙමෙයි මන්ත්‍රී බෑනගේ…? | පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්නේ ඒකයි…! – උදය ගම්මන්පිල…

Editor O

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Editor O

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Editor O

Leave a Comment