දේශීය

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – ලබන 30 වැනිදා දක්වා මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ලොව සෙසු රටවල් පැන වූ ගුවන් ගමන් සීමා මෙතෙක් ඉවත් නොකිරීම ඊට හේතුවයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

මීට අමතරව අවශ්‍යතාව මත විශේෂ ගුවන් ගමන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර පවතින ගැටලු දැනුම් දීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

011 7 771 979 යන අංකය ඇමතීමෙන් අදාළ ගැටලු දැනුම් දිය හැකිය.

Related posts

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

එජාප විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

Mohamed Dilsad

Leave a Comment