දේශීය

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

(UTV |කොළඹ ) – කාර්ය මණ්ඩලය සඳහා විශ්ව විද්‍යාලය නැවත විවෘත කිරීමට ගත් තීරණයට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (UGC) සභාපතිවරයා වෙත විශ්ව විද්‍යාල ගුරු සංගම (FUTA) ලිපියක් යවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය අවධානම් සහිත තීරණයක් බවයි.

මෙම සතිය මුලදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේ විශ්ව විද්‍යාල අදියර 3 කින් නැවත විවෘත කරන බවයි.

01 වන අදියර – සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වන අතර, එම භූමිය මැයි මස 04 වන දින සිට විවෘතව පවතී.

02 වන අදියර – විශ්ව විද්‍යාලවල අවසාන වසරේ සිසුන්ට මැයි 11 වන දින සිට පරිශ්‍රයට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

03 වන අදියර – විශ්ව විද්‍යාල මැයි 18 සිට සියලුම සිසුන් සඳහා විවෘත වේ.

ෆුටා විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවන ලද ලිපියේ සඳහන් වන්නේ රජය විසින් සමාජ ව්‍යාපාර සීමා කිරීම ලිහිල් කිරීමටත් පෙර 4 වන දින විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබාදීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment