දේශීය

තවත් සැක සහිත ඛේට සාම්පල 60 ක්

(UTV |කොළඹ ) – පුත්තලම සහ අකුරණ ප්‍රදේශ වලින් කොරෝනා රෝගීන් හමුවීමටත් සමඟ කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන්ගේ ඛේටය සාම්පල 60 ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය පවසයි.

බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි.

මෙහි දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100 කි.

ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ 12 දෙනෙක් සේවයේ නිරතව සිටිනවා.

එහිදී ගනු ලබන වාර්තා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ අධීක්ෂණය යටතේ සිදුකර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර සැක සහිත ඛේට සාම්පල 1600 ක් පරීක්ෂාවට යොමු කර තිබුණි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

Editor O

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

පළාත් සීමා මායිම් කේන්ද්‍ර කර අද සිට විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment