දේශීය

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට වෙන වෙනම රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට (29) දිනයේදී වෙන් වෙන්ව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් දෙකක් කැඳවා ඇත.

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් සිය දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂයේ දැරූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිවේදනය කළේය.

කෙසේ වෙතත් හෙට දිනයේදී දෙපාර්ශවය වෙන වෙනම රැස්වන අතර, එහිදී මේ පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පවතින තත්ත්වය හමුවේ රාජකාරී සිදුකරන රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අමතර දීමනා

Mohamed Dilsad

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment