ක්‍රීඩා

ධෝනිගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත වන බවට අනාවැකියක්

(UTV | ඉන්දියාව) – මේ වසරේ අයි. පී. එල්. තරඟ මාලාව අවලංගු වුවහොත් මහේන්ද්‍ර සිං ධෝනිගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශක කමිටු සාමාජික මදන් ලාල් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ධෝනිට සිය දස්කම් තහවුරු කිරීමට ලැබෙන අවසන් අවස්ථාව අයි. පී. එල්. බවයි.

මහේන්ද්‍ර සිං ධෝනි පසුගිය වසරේ එක් දින ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති බවත් , තවදුරටත් ඉන්දීය පිලට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් මදන් ලාල් සඳහන් කරයි.

ඔහුට නැවත කණ්ඩායමට පිවීසීමට ඇති ඉඩකඩ දැනටමත් ඉතා සීමිත බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වූ පූජාණි

Mohamed Dilsad

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment