දේශීය

චීනයෙන් තවත් පරිත්‍යාග රැසක් මෙරට

(UTV |කොළඹ ) – මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා මෙම වෛද්‍ය උපකරණ තොගය ඔවුන් විසින් පරිත්‍යාග කර තිබේ.

ඊයේ (10) චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්. යූ – 231 දරන එම ගුවන් යානය පස්වරු 6.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා සඳහන් කළේය.

මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

රනිල් – සජිත් හදිසි හමුවීමක්

Mohamed Dilsad

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment