දේශීය

රනිල් – සජිත් හදිසි හමුවීමක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (12) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේ දී එළඹෙන මහ මැතිවරණයේ නව සන්ධානය යටතේ තරග කරන සලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසදුම් සෙවීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අදාළ කමිටුවට දෙපාර්ශවයෙන් ම නියෝජිතයන් 05 දෙනා බැගින් පත් කිරීමට එකඟතාවය පළ කර ඇත.

කෙසේ වෙතත් නව සන්ධානය සහ ඉදිරි මහ මැතිවරණයට තරග කරන සලකුණ පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හෙට දිනයේ කැදවා තිබූ මීළග කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ද කල් දමා තිබේ.

Related posts

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයට

Editor O

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින තීන්දු කෙරේ

Mohamed Dilsad

Leave a Comment