Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයට

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළඹෙන බදාදා ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කර ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

“පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන මතකයක් හදලා තියෙනවා, එහෙමත් නැත්නම් කටකතා හදලා තියෙනවා අනිත් පක්ෂවල අය. මම සතියකට කලින් කිව්වා, ලබන බදාදා 07 වෙනිදා අපේ අපේක්ෂකයා නම් කරනවා. ඒ නිසා අද මම කියනවා. එහෙමත් නැත්නම් අගෝස්තු හත්වැනිදා උදේවරුවේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හදපු නෙළුම් පොකුණට අපේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරු, පොහොට්ටුවේ සාමාජිකයන් කැඳවලා මහින්ද රාජපක්ෂ ඒ පක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ඒ උත්සවයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම කීවේය.

Related posts

World number one Halep avoids shock defeat at Miami Open

Mohamed Dilsad

பாகிஸ்தான் குடியரசு தின நிகழ்வில் பிரதம அதிதியாக கலந்துகொள்ள ஜனாதிபதி இன்று பாகிஸ்தான் விஜயம்

Mohamed Dilsad

සංචිතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment