Trending News

සංචිතත් ඉහළට

2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි.

 

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183ක් දක්වා 5.7%කින් වැඩි වී ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 5.3%කින් අඩු වී තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ, එම විදේශ විනිමය සංචිතය තුළ චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

 

 

Related posts

Tamil Nadu Government recommends release of Rajiv Gandhi’s killers

Mohamed Dilsad

விமல் வீரவன்ச உள்ளிட்ட ஆறு பேரின் வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

இன்று காலை 06 மணியுடன் பொலிஸ் ஊடரங்குச் சட்டம் நீக்கம்

Mohamed Dilsad

Leave a Comment