දේශීයව්‍යාපාරික

දේශීය ගොවියාගේ එළවළු තොග හෙට සිට රජයෙන් මිලට ගැනීමේ සූදානමක්

(UTV | කොළඹ) – දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11 ) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ , අද (10) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්ය.

ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම සඳහා සහ විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව විශේෂ මිල ගණන් යටතේ එළවළු මිල දී ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ට අදාළව අධිකරණය දුන් නියෝගය

Editor O

තවත් ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment