දේශීය

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට “විරු අභිමන්” නමින් රක්ෂණාවරණයක්

(UTV | කොළඹ) –  කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින්  විරු අභිමන්” නමින් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.  

ඒ අනුව මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට ලක්ෂ 15 ක මුදලක් ද , දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි.

මෙමගින් ආවරණය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්වෛද්‍යවරුන්හෙදියන්, උපස්ථායකයන්රියදුරන්සුළු සේවකයින්මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මෙම රක්ෂණ ක්‍රමය මගින් ආවරණය ලැබෙනු ඇති.

මෙරට ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප්‍රථම සහ එකම රක්ෂණ ක්‍රමය මෙයයි.

මෙම රක්ෂණ වැඩපිළිවෙල යටතේ මුදල් අය කිරීමෙන් තොරව,රක්ෂණ සමාගමේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගෙවීම් සිදු කෙරෙනු ඇත. 

 

Related posts

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

“නව ගාස්තු යටතේ දැනට බස් දුවනවා, පාඩුයිනම් නවත්වනවා”

Mohamed Dilsad

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment