දේශීය

“නව ගාස්තු යටතේ දැනට බස් දුවනවා, පාඩුයිනම් නවත්වනවා”

(UTV | කොළඹ) – නව බස් ගාස්තු සංශෝධනය යටතේ බස් හිමියන්ට ලැබී ඇත්තේ ඉතා අවම සහනයක් පමණක් බවට පෞද්ගලික බස් හිමියන් චෝදනා කරනවා.

මේ ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතා.

“රජය විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් එක්ක රජය පෞද්ගලික බස් කර්මාන්ත කරුවාට ලබාදී තියන්නේ ඉතාමත්ම සොච්චම් බස් ගාස්තු සංශෝධනයක්. ඒ සංශෝධන කිසිසේත්ම දෛනික පිරිවැය පිරිමසන්නටවත් නොහැකි තත්ත්වයක් උදාවී තියෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින කිහිපයතුල බස් රථ ධාවනය කරලා ලබන අත්දැකීම් අනුව දෛනික ආදායමේ වෙනස, පාඩුව දැන ගැනීමට අනතුරුව සමස්ත බස් හිමියන් ගන්නා තීන්දුව පිළිබඳව අපි දින කිහිපයකින් ප්‍රකාශයට පත් කරන නියමිතව තිබෙනවා..”

 

  • ආර්.රිෂ්මා

Related posts

සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

Mohamed Dilsad

වවුනියාවේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment