දේශීය

දුම්රිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ස්ථානාධිපතිවරුන් විරුද්ධ වෙයි

(UTV | කොළඹ) – දුම්රිය ගාස්තු ඉහළ දැමීම සඳහා ගෙන ඇති යෝජනාව තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ගෝලීය වශයෙන් මෙරට සේම විවිධ රටවල් යම් දුෂ්කරතාවන්ට මුහුණපා සිටින අවස්ථාවේදී මෙසේ දුම්රිය ගාස්තු සංශෝධනයට ලක් කිරීමට කටයුතු කිරීම අනුමත නොකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයකට පත් කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ පවතින පරිපාලන දුර්වලතාවයක් හේතුවෙන් බවටත් එම සංගමය චෝදනා කරනවා.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම ගැන අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසා

Mohamed Dilsad

දුමින්ද සිල්වා රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment