දේශීය

ආර්ථික ක්‍රියාකාරකම් පළාත් මට්ටමින් ඇරඹීමේ හැකියාව ජනපතිගේ විමසුමට

(UTV  | කොළඹ) –  දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විය.

දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සිය පළාත්වල වත්මන් තත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ වන විට උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී ඇත.

පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කරනු ඇති බව වාර්තා වෙයි.

දෛනික වේතනලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ද ප්‍රධාන අරමුණක්.

දිවයිනේ එක් එක් පළාත්වල කොරෝනා වෛරස ආසාධිතයන් ළඟින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය ද දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳූනා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්කර ඇති අතර , නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්වය සහ කළ යුතු වෙනස්කම් ද මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්ව ඇත.

ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව මෙහිදී පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

Related posts

මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළට

Mohamed Dilsad

හමුදා සෙබළෙක් වෙඩිතබා ගෙන සියදිවි නසාගනී

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

Editor O

Leave a Comment