දේශීය

ඇප මුදල් භාරගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියට එරෙහිව සජබය අධිකරණයට

පළාත් පාලන ඡන්ද විමසීමේ අපේක්ෂකයින්ගෙන් නැවත දැනුම්දෙන තුරු ඇප තැන්පතු භාරනොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණුකර තිබෙනවා.

 

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ පෙත්සම ගොණුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, නීතිපතිවරයා ඇතුළු 85 දෙනෙකු නම් කර තිබෙනවා.

Related posts

රෝහල් රැසක ඖෂධ හිඟයක්…? පරීපූරක වෛද්‍ය වෘත්තීකයන් වැඩ වර්ජනයක් ඇරඹීමේ සූදානමක්…?

Editor O

හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයෙකුටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment