Trending Newsඑසැන පුවත්දේශීය

පළාගොස් සැඟව සිටි හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අධිකරණයට බාර වෙයි.

පොලිසියෙන් සැඟව පළා ගොස් සිටි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී ඇතැයි සඳහන්.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට බාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය. පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පළාගොස් තිබූ බවය.

පසුගිය සතියේ තරුණයෙකුට අමානුෂිකව පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබිණ,

Related posts

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Govt. doctors’ protest against SAITM as Parents union meets President today

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment