දේශීය

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

 

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

 

කෙසේ නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය යළි කැඳවීමට පියවර ගෙන තිබුණා.

Related posts

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

පසුගිය ජනවාරියේ අහෝසි කරන ලද බදු කිහිපයක් යළිත්

Mohamed Dilsad

Leave a Comment