දේශීයව්‍යාපාරික

පසුගිය ජනවාරියේ අහෝසි කරන ලද බදු කිහිපයක් යළිත්

(UTV | කොළඹ) – පසුගිය ජනවාරි මාසයේදී අහෝසි කරනු ලැබූ බදු කිහිපයක් නැවත හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ඒ , නව කොරෝනා වෛරසය හමුවේ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කිරීමේ අරමුණින්.

මේ අනුව ජනවාරි පළමුවනදා සිට ඉවත් කරනු ලැබූ උපයනවිට ගෙවීමේ බද්ද අප්‍රේල් පළමුවනදා සිට උසස් පෞද්ගලික ආදායම් බද්ද ලෙස නව ක්‍රමයක් යටතේ හඳුන්වාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියි.

මාසික ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක අවම වැටුපක් හෝ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක අවමයක් හිමි සේවකයන් ඊට අදාළ වනවා.

මේ අතර මාසික පොළී ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක් හිමි තැන්පතු රඳවා ගැනීමේ බද්දට නැවතත් යටත් කිරීමට කටයුතු කර ඇත.

Related posts

රාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවට

Editor O

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ 8 ක ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

Leave a Comment