දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

(UTV | කොළඹ) – අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් කොළඹ – ඩාලි පාරේ පිහිටි සිය පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබේ.

මෙම සාකච්ඡාවේදී මහ මැතිවරණය සම්බන්ධයෙන් අවදානය යොමු කෙරෙනු ඇති අතර පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

එමෙන්ම හෙට (12) දිනයේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේය.

Related posts

පොලිස්පතිගේ නියමයෙන් පොලිසියේ 15 කට වහාම ස්ථාන මාරු…

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment