ව්‍යාපාරික

වාහන රැසක මිල ගණන් ඉහළ යයි

(UTV | කොළඹ) – ජපාන යෙන් මුදල් අගය වැඩිවීම හමුවේ වාහන රැසක මිල ගණන් වැඩි වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව විට්ස් මාදිලිය රුපියල් 2 ලක්ෂ 40 දහසකින් , ඇක්සියෝ රුපියල් 3 ලක්ෂ 75 දහසකින් , ප්‍රිමියෝ ලක්ෂ 4 කින් පමණ ඉහළ යනු ඇති බවත් වැගන් ආර් මාදිලියේ මෝටර් රථයක් රුපියල් එක් ලක්ෂ 70 දහසකින් පමණ වැඩි විය හැකි බවත් එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා කියා සිටියේය.

කෙසේවෙතත් දැනට වෙළඳපොලේ පවතින රථවාහන පවතින මිළටම අලෙවි කෙරෙන අතර අලුතින් ඇණවුම් කරන වාහන සඳහා මෙම මිළ ඉහළ යාම අදාළ වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

”ශ්‍රී ලංකා නෙක්ස්ට් ” – නීල හරිත යුගයක් 2019 වැඩසටහන හෙටින් ඇරඹේ

Mohamed Dilsad

විදුලි බිල සංශෝධන තීරණය 14 වෙනිදා

Editor O

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර

Mohamed Dilsad

Leave a Comment