ව්‍යාපාරික

”ශ්‍රී ලංකා නෙක්ස්ට් ” – නීල හරිත යුගයක් 2019 වැඩසටහන හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) –  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ”ශ්‍රී ලංකා නෙක්ස්ට් ” – නීල හරිත යුගයක් 2019 වැඩසටහන හෙට (23) සහ අනිද්දා (24) යන දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ගෝලීය වැඩසටහන දියත් කිරීම ද මෙහිදී සිදු කෙරේ. කැලෑ පරිසර පද්ධති හා ඒ හා සම්බන්ධ වැදගත් සේවා අගය කිරීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

කතානායක කරූ ජයසූරිය,මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.

සමුළුව අවසානයේ දී ඉන්දියානු සුපිරි ගායක රිකී කෙජ් සහභාගීවන ප්‍රසංගයක්ද සංවිධානය කර ඇත.

දෙස් විදෙස් නියෝජිතයන් 1600 ක් පමණ මෙම ප්‍රදර්ශනයට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

Mohamed Dilsad

පරිප්පු සඟවන වෙළඳුන් හට මාස 6 ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment