Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.

ශ්‍රී ලංකා මහබැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 ජනවාරි මාසයේදී 0.9% කින් පහළ ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන පවසයි.

ඒ අනුව, 2024 දෙසැම්බර් මාසය අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 6.12ක් වශයෙන් පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 ජනවාරි මාසය අවසන් වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 6.06ක් දක්වා පහළ බැස ඇත.

මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2024 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 6.04ක්ව පැවති අතර එය 2025 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 5.98ක් දක්වා 01% කින් පහළ බැස තිබේ.

කෙසේ නමුත්, පසුගිය ඔක්තෝබර් මාසය අවසන්වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5ක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කර තිබිණ.

එම දත්තය පහතින්.

ඒ අනුව 2024 ඔක්තෝබර් මාසය අවසන් වින විට පැවති නිල විදේශ සංචිත ප්‍රමාණයට සාපේක්ෂව 2025 ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 0.5කින් පහළ වැටී ඇත.

Related posts

சுற்றாடல் செயற்றிட்டத்தின் விசேட மாநாடு ஜனாதிபதி தலைமையில் இன்று

Mohamed Dilsad

நோர்வே இராஜாங்க வெளிவிவகார அமைச்சர் நாளை இலங்கை வருகிறார்

Mohamed Dilsad

Bandula and Ramesh appointed Co-Cabinet Spokesmen

Mohamed Dilsad

Leave a Comment