දේශීයව්‍යාපාරික

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර

(UTV | කොළඹ) –  යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද (10) අත්සන් තැබුවේය.

I. වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය – යුරෝ මිලියන 7 තරුණ පරපුර සඳහා ඉල්ලුම මත පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.

II. සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය – යුරෝ මිලියන 3.5 ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හට ගෝලීය වෙළඳපළ තුළ ඇති තරඟකාරීත්වය වැඩිකිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.

III. අධ්‍යනය හා විශේෂඥ අරමුදල – යුරෝ මිලියන 0.5 නව ව්‍යාපෘති සැකසීමේදී අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීමටත්, කුඩා පරිමාණයේ ව්‍යාපෘති මූලනය කිරීමටත්, ජර්මානු විශේෂඥයන්ගේ සේවා ලබා ගැනීමටත් මෙම අරමුදල භාවිතා කෙරේ.

ඉහත ව්‍යාපෘතීන් ජර්මානු රජයේ GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.

 

Related posts

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

Mohamed Dilsad

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment