Trending Newsඑසැන පුවත්දේශීය

රාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවට

යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (25) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය පස්වරු 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් පසු, අදාළ ප්‍රධාන නියාමකවරයා මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම මත අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් නියාමකවරයා වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

මේ හේතුවෙන් යාල් දේවී දුම්රිය සඳහා වෙනත් නියාමකවරයෙකු යොදවා, දුම්රිය අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කර තිබේ.

Related posts

திமுத் மற்றும் மஹேல இருவரும் ஒரே நிலைப்பாட்டில்

Mohamed Dilsad

வெற்றியாளர் கிண்ண கிரிக்கட் தொடர்: முழு விபரம் இதோ!

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

Leave a Comment