Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් 25 දෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද වාර්තාවක දැක්වේ.

මෙම මරණ තර්ජන එල්ල වී ඇති ප්‍රභූන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් වාර්තාව පොලිස්පතිවරයා විසින්
පොලිස් ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

ඒ අනුව මරණ තර්ජන එල්ල වී තිබෙන ප්‍රභූන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස අදාළ පොලිස් ප්‍රධානීන්ට පොලිස්පතිවරයා උපදෙස් දී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට මරණීය තර්ජන එල්ල වීම තිබෙන ප්‍රභූන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

பல பகுதிகளில் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

Editor O

පාස්කු සැකකරුවන්ගේ පුනරුත්ථාපනය ගැන විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment