දේශීය

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – අද (10) සිට සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තැබිමට අවසර දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කොරෝනා අවදානම් කලාප වල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

 

Related posts

පොහොට්ටුවේ ඉතිරිවූ සුළු පිරිසෙන් තව කොටසක් කැඩී රනිල්ට යනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

Editor O

දේශබන්දු තෙන්නකෝන් කවුද ?

Mohamed Dilsad

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment